See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Home
Prev Next
  • 1
  • 2
  • 3
Prev Next

කොට උඩ ලංගමය ගොඩගන්නවා නම් මෙන්න වැඩ...

25-09-2016

කොට උඩ ලංගමය ගොඩගන්නවා නම් මෙන්න වැඩ...

වර්තමානයේ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සේවක වැටුප හෝ නිසි කලට ගෙවාගත නොහැකි අතිශය අකාර්යක්ෂම ආයතනයක් බවට පත්ව තිබේ. 1977 සිට මේ දක්වා ශ‍්‍රී ලංගමය තුළ ආණ්ඩු මාරුවෙන වාරයක් වාරයක් පාසා අවිධිමත් ලෙස පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරුවීම් හා අවිධිමත් මූල්‍ය කටයුතු, නිශ්චිත...

අධ්‍යාපන ලේකම්ගේ නූගත් වැඩ නිසා ජාතික පාසල් ගුරු මාරු අවුලක

24-09-2016

අධ්‍යාපන ලේකම්ගේ නූගත් වැඩ නිසා ජාතික පාසල් ගුරු මාරු අවුලක

කලාප මට්ටමේ හා පළාත් මට්ටමේ ගුරු ස්ථාන මාරු මණ්ඩල කැඳවීම හා ගුරු ස්ථාන මාරු සිදු කිරීම, ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියට අනුව සිදුකිරීම සඳහා පූර්වාදර්ශයක් ලබා දිය යුතු රේඛීය අමාත්‍යාංශය, ඒ වෙනුවට මෙම වර්ෂයට අදාලව ජාතික පාසල් ගුරුමාරු මණ්ඩලය හෝ පිහිටුවා නැත....

රේගු සටනට, දේශීය ආදායම් හා සුරාබදුත් එක්වෙයි... ආණ්ඩුව රත් වෙයි...

23-09-2016

රේගු සටනට, දේශීය ආදායම් හා සුරාබදුත් එක්වෙයි... ආණ්ඩුව රත් වෙයි...

රේගු ආඥා පනත අහෝසි කරමින් මුදල් ඇමතිවරයා විසින් ගෙන ඒමට බලාපොරොත්තු වන නව රේගු පනතට විරෝධය පළකරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ සටනට මේ වන විට සුරාබදු හා දේශීය ආදායම් බදු නිලධාරීන්ගේ වෘත්තීය සමිතිද එක් වී සිටී.   දේශිය ආදායම් පනත අහෝසිකර...

කොමිසමෙන් වැඩ තහනම් කළ නිලධාරීන් සමග ඇමති දුම්රිය ජාවාරමක් කරගෙන...

22-09-2016

කොමිසමෙන් වැඩ තහනම් කළ නිලධාරීන් සමග ඇමති දුම්රිය ජාවාරමක් කරගෙන...

  දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාලවල සේවය කිරීම සඳහා, නියමිත සුදුසුකම් සපුරා ඇති සේවකයින් අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටියදී වංචා සහගත චේතනාවෙන් අන්තර්ජාලයේ පමණක් දැන්වීම් පළ කරමින්, කාර්යාල සේවක සේවයේ තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනීමට සතියේ නිවාඩු දින ඇතුළු දින ගණනාවක් තිස්සේ...

හෙද උපාධිය විකිණීම හා සෞඛ්‍ය සේවාවේ හෙට දවස

22-09-2016

හෙද උපාධිය විකිණීම හා සෞඛ්‍ය සේවාවේ  හෙට දවස

සමස්ත ලංකා හෙද සංගමය විසින් සංවිධානය කළ "හෙද උපාධිය විකිණීම හා සෞඛ්‍ය සේවාවේ හෙට දවස" යන මැයෙන් විද්වත් සම්මන්ත‍්‍රණයක් අද (22) දින ප.ව 03.00ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙම විද්වත් සම්මන්ත‍්‍රණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා ප්‍රධාන දේශනය...

රේගු ආඥා පනත අහෝසියි ? වාප්පු රැකියා අනතුරේ !

21-09-2016

රේගු ආඥා පනත අහෝසියි ? වාප්පු රැකියා අනතුරේ !

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත අහෝසි කර නව පනතක් ගෙන ඒමට විරුද්ධව දැනුවත්කිිරීමේ සම්මන්ත්‍රණයක් අද (21) දින කොටුව ශ්‍රී සම්බෝධි විහාරයේදී  පවැත්විණි. වාප්පු ලිපිකරු සංගමය, ලංකා වාප්පු සේවා සංගමය හා සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක...

රේගු නිළධාරීන් මුදල් ඇමතිට හා ආණ්ඩුවට විරුද්ධව මහ පාරට බසිති...

21-09-2016

රේගු නිළධාරීන් මුදල් ඇමතිට හා ආණ්ඩුවට විරුද්ධව මහ පාරට බසිති...

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත අත්තනෝමතික ලෙස රේගු ආඥා පනත අහෝසිකර හොර රහසේ නව පනතක් ගෙන ඒමට විරුද්ධව සමස්ත ලංකා රේගු නිලධාරින්ගේ සංගමය හා රේගු නිලධාරීන්ගේ සංගමය එක්ව පැවැත් වූ උද්ඝෝෂණයක් අද (21) කොටුව රේගු මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.  එහිදී විරෝධතාකරුවෝ...

හෙද සංගමය මානව හිමිකම් කොමිසමට

20-09-2016

හෙද සංගමය මානව හිමිකම් කොමිසමට

හෙද සේවාවේ සිටින තුන්දහසකට අධික හෙද හෙදියන සිරිසකට අදාලව සිදුවී ඇති වැටුප් විෂමතා නිරවුල් කිරීමට ඉල්ලා සමස්ත ලංකා හෙද සංගමය විසින් 2016/09/20 දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. රට පුරා විසිරී සිටින විෂමතාවයට ලක්වූ...

දුම්රිය කාර්යාල සේවයට 152ක් හොර පාරෙන්

31-08-2016

දුම්රිය කාර්යාල සේවයට 152ක් හොර පාරෙන්

වසර ගණනාවක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාලවල සේවය කරන අනියම් ආදේශක හා ස්ථිර සේවක සේවිකාවන් විශාල ප‍්‍රමාණයක් සිටියදී දේශපාලන හිතවත්කම් මත තවත් 152 ක් කාර්යාල සේවයට මෙතෙක් සිදුකරන ලද බඳවාගැනීමේ ක‍්‍රමවේදයට සම්පූර්ණයෙන්ම පටහැනිව සිදු කර තිබේ. මෙම බඳවා ගැනීම් සදහා වන නිවේදනය...

ඛණිජ තෙල් සංස්ථාව විකිණීමේ ක‍්‍රියාවලියට එරෙහිව දැැවන්ත වැඩවර්ජනයක් - වෘත්තීය සමිති 6 ක් පවසති

20-08-2016

ඛණිජ තෙල් සංස්ථාව විකිණීමේ ක‍්‍රියාවලියට එරෙහිව දැැවන්ත වැඩවර්ජනයක් - වෘත්තීය සමිති 6 ක් පවසති

මේ වන විට ඛණිජ තෙල් සංස්ථාව විකිණීමේ ක‍්‍රියාවලියක ආණ්ඩුව නිරත වී ඇති බවත් ආණ්ඩුවේ මෙම ක‍්‍රියාමාර්ග නැවැත්වීමට ඉදිරියේදී දැවැන්ත වැඩවර්ජනකට යාමට කටයුතු කරන බවත් ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඞී.ජේ. රාජකරුණා සහෝදරයා පැවසීය. එම වෘත්තීය සමිති එකමුතුව මගින් ඊයේ...

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අවුලෙන් අවුලට

19-08-2016

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අවුලෙන් අවුලට

 සාධාරණ හේතු සාධක ඉදිරිපත් කිරීමකින් තොරව සහ දැනට සිටින පරිපාලන නිලධාරින් සමග කතිකාවකින් තොරව සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන තනතුරවන අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමතරව මුදල් කළමනාකරණය සඳහා තවත් තනතුරක් ඇති කිරීම හේතුවෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය පරිපාලන ක්ෂේත‍්‍රය තුල මේ වන විට අර්බුදයක්...

EDCS රාජපක්‍ෂ හෙන්චයි පාලකයින්ට එරෙහි නඩුවෙන් සේවකයින්ට විශිෂ්ඨ ජයක්

19-08-2016

EDCS රාජපක්‍ෂ හෙන්චයි පාලකයින්ට එරෙහි නඩුවෙන් සේවකයින්ට විශිෂ්ඨ ජයක්

  පසුගිය රාජපක්‍ෂ පාලන කාලය තුල අධ්‍යාපන සමූපකාරයේ පාලකයින්ගේ සේවක දඩයමට හසු වෙමින් වැඩ තහනම් වූ සේවකයින් විසින් එම පාලනයට එරෙහිව ගොනු කරන ලද නඩුවෙන් සේවකයින්ට විශිෂ්ඨ ජයක් හිමි වූ බව අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය පවසයි.     මෙලෙස පවරනු ලැබූ...

Audio - ධීවර සංස්ථාවවත් රැක ගැනීමට බැරි ආණ්ඩුවට කිසිවක් බෑ - රත්න ගමගේ

15-08-2016

Audio - ධීවර සංස්ථාවවත් රැක ගැනීමට බැරි ආණ්ඩුවට කිසිවක් බෑ - රත්න ගමගේ

මුහුදේ සිටින මාලූ අස්වැන්න ගෙන ලාභ ලබමින් පවත්වාගෙන යා හැකි ධීවර සංස්ථාව රැක ගැනීමට වර්තමාන ආණ්ඩුවට බැරි නම් මේ ආණ්ඩුවට කිසිවක්ම බැරි බවද සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ සහෝදරයා පවසයි.   වර්ග කි.මී. 517000 ක සාගරයකට උරුම...

හෙද උපාධිය විකිණීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පරාජය කළ යුතුයි - ගාමිණී කුමාරසිංහ

15-08-2016

හෙද උපාධිය විකිණීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල පරාජය කළ යුතුයි - ගාමිණී කුමාරසිංහ

හෙද උපාධිය විකිණීම සඳහා මේ වන විට විදේශීය සමාගම් 5 ක් කටයුතු කරමින් සිටින බවද ආණ්ඩුවේ එම වැඩපිළිවෙල පරාජය කළ යුතු බවද සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් ගාමිණී කුමාරසිංහ සහෝදරයා පවසයි. හෙද උපාධිය විකිණීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අද (15) කොළඹ...

දුෂ්කර දිස්ති‍්‍රක් පාසල් හරහා උසස් පෙළට ඉදිරිපත් කිරීමේ ජාවාරමක්

12-08-2016

දුෂ්කර දිස්ති‍්‍රක් පාසල් හරහා උසස් පෙළට ඉදිරිපත් කිරීමේ ජාවාරමක්

පහසුකම් සහිත දිස්ති‍්‍රක්කවල උසස් පෙළ සිසුන් දුෂ්කර දිස්ති‍්‍රක්කවල පාසල් මගින් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙමින් විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට අනියම් වාසිදායක තත්ත්වයක් උදාකර ගැනීමට කටයුතු කිරීමේ ජාවාරමක් පවතින බවත් මෙම ජාවාරම පිටුපස විදුහල්පතිවරු හා අධ්‍යාපන බලධාරීන් සිටින බවත් ලංකා ගුරුසේවා සංගමයේ...

විදුහල්පති ගැටළුව එකඟතාවයන් අනුව විසඳිය යුතුයි - කඩකළොත් විරෝධතා

12-08-2016

විදුහල්පති ගැටළුව එකඟතාවයන් අනුව විසඳිය යුතුයි - කඩකළොත් විරෝධතා

විදුහල්පති සේවයේ ෂෂෂ පන්තිය සඳහා බඳවාගත් නවක නිලධාරීන් ස්ථානගත කිරීම ප‍්‍රමාද කිරීම සම්බන්ධව අධ්‍යපන අමාතයාංශයේදී පසුගිය 27 වැනිදා එකඟ වූ පරිදි සිදු කළ යුතු බවත් නොඑසේනම් වෘත්තීය ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට සිදුවන බවත් ලංකා ගුරුසේවා සංගමය පවසයි.  එම සාකච්ඡුාවේදී ඉහත නම් සඳහන් කරන...

"සයිටම් එපා" සම්මන්ත්‍රණය අනුරාධපුරයේදීත් පැවැත්වේ

12-08-2016

"සයිටම් එපා" සම්මන්ත්‍රණය අනුරාධපුරයේදීත් පැවැත්වේ

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මගින් දිවයින පුරා පවත්වාගෙන යනු ලබන ජිවිත වනසන, අධ්‍යාපන අයිතිය අහෝසි කරන, ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පරදවමු සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පසුගිය 09වනදා අනුරාධපුර නගර ශාලාවේදී පැවැත්විණි.  සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කිරීම සදහා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ ආරාධනයෙන් ජනතා විමුක්ති...

(Audio) ඖෂධ අධිකාරී පනත සම්මත වී වසරකට වැඩියි - සමාගම් ලාභය 200% - 800% ක් - වෛද්‍ය ජයන්ත බණ්ඩාර

11-08-2016

(Audio) ඖෂධ අධිකාරී පනත සම්මත වී වසරකට වැඩියි - සමාගම් ලාභය 200% - 800% ක් - වෛද්‍ය ජයන්ත බණ්ඩාර

ජාතික ඖෂධ අධිකාරී පනත සම්මත කර වසරකට වඩා වැඩි කාලයක් ගත වී ඇති නමුත් ජනතාවට දැනෙන කිසිදු ඖෂධ මිල පාලනයක් සිදු වී නැති බව මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ සංවිධායක ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි. මෙම පනත සම්මත කිරීමෙන් පසුව...

දිවිනැගුම ETF කොල්ලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයන් තීන්දුව දෙයි

10-08-2016

දිවිනැගුම ETF කොල්ලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයන් තීන්දුව දෙයි

දිවිනැගුම පණත මගින් දිවිනැගුම සංවර්ධන අධිකාරිය පිහිටුවීමේ දී එහි සේවය කරන ලද 7367ක් වූ සේවකයින්ගේ සමෘද්ධි අධිකාරි සේවා කාලය තුල ඔවුන් උපයාගත් EPF මුදල් කොල්ලකෑමට පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ගත් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින තීන්දුව ලබාදෙමින් නැවත එම මුදල්...

ඇමතිගේ බලතල ඉක්මවීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය කල්යයි

10-08-2016

ඇමතිගේ බලතල ඉක්මවීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය කල්යයි

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් බලතල සීමාව ඉක්මවා කටයුතු කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගත් අතර එය නැවත සැප්. 14 දින දක්වා කල් ගිය බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.    ජාතික ඖෂධ...

ප‍්‍රමිතියෙන් බාල උපකරණගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිවයුතුයි - ගාමිණී කුමාරසිංහ

10-08-2016

ප‍්‍රමිතියෙන් බාල උපකරණගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වගකිවයුතුයි - ගාමිණී කුමාරසිංහ

රටපුරා ප‍්‍රධාන රෝහල් ගණනාවක ප‍්‍රමිතියෙන් බාල සෞඛ්‍ය උපකරණ භාවිතා කිරීම නිසා රෝගී ජීවිතවලට බරපතල තර්ජනයක් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද දැඩි දුෂ්කරතාවයන්වලට මුහුණ දීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ සහෝදරයා පවසයි. මේ සම්බන්ධයෙන් ගන්නා වූ...

විගණන වෘත්තීය සමිතිය ජවිපෙ හමුවෙයි

06-08-2016

විගණන වෘත්තීය සමිතිය ජවිපෙ හමුවෙයි

ජාතික විගණන පනත පිළිබදව විගණන දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (06) වෙනිදා පෙරවරුවේ පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.   වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ලලිත් අඹන්වෙල මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.  {mp3}other/otherunion{/mp3}  

මෛත්‍රී-රනිල් ආණ්ඩුවත් වෘත්තීය සමිති මර්දනට සැරසෙයි

05-08-2016

මෛත්‍රී-රනිල් ආණ්ඩුවත් වෘත්තීය සමිති මර්දනට සැරසෙයි

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සේම වත්මන් මෛත්‍රී - රනිල් ආණ්ඩුවත් වෘත්තීය සමිති මර්ධනය කිරිමේ පළමු පියවර තබමින් මේ වනවිට වෘත්තීය සමිතිවලට තර්ජනය කරමින් සටියි. ආණ්ඩුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහාන් ඩි සිල්වා මහතා මගින් මේ දිනවල වැඩවර්ජනයේ නියුතු විශ්වවිද්‍යාලවල සේවයේ...

ඉල්ලීම් ගැන අගමැති සමග සාකච්ඡා අසාර්ථක වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එනවා – විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය

04-08-2016

ඉල්ලීම් ගැන අගමැති සමග සාකච්ඡා අසාර්ථක වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එනවා – විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය

රාජ්‍ය සේවයේ වැටුප් සැකසීමේ චක්‍රලේඛය විශ්වවිද්‍යාල පද්ධතියට ක්‍රියාත්මක කිරීම, ආචාර්යවරුන් හට අහිතකර ලෙස බලපානු ලබන චක්‍රලේඛ අහෝසි කිරීම, රජයේ නිලධාරීන්ට ලබාදෙන තීරු බදු සහන වාහන බලපත්‍රය ආචාර්යවරුන්ටද ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය සහ අග්‍රාමාත්‍ය රනිල්...

ඊයේත් සාකච්ඡා අසාර්තකයි - වර්ජනය දිගටම

04-08-2016

ඊයේත් සාකච්ඡා අසාර්තකයි - වර්ජනය දිගටම

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල පවතින ගැටළු සම්බන්ධයෙන් ඊයේ (03) දිනයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමගද පැවති සාකච්ඡාද අසාර්ථක වූ බැවින්  සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේද 09වන දිනටත් අඛණ්ඩව  ක්‍රියාත්මක බව එම සේවකයෝ පවසති. සිය ඉල්ලීම් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලය මෙම වැඩවර්ජණය...

ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් මිය ගියේ මේ වසරේදීයි - සමස්ත ලංකා හෙද සංගමය

04-08-2016

ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් මිය ගියේ මේ වසරේදීයි - සමස්ත ලංකා හෙද සංගමය

ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් මියගිය වසර, මේ වසර බවට පත්වෙමින් තිබෙන බවත් ඩෙංගු වැනි රෝග තත්වයන් උග‍්‍ර ලෙස වසංගත ආකාරයට බෝ වෙමින් තිබෙන බවත් සමස්ත ලංකා හෙද සංගමය පවසයි. රජයේ රෝහල් සේවාව තුල මේ වනවිට උග‍්‍ර හෙද හිගයක් නිර්මාණය වී...

විදුහල්පතිවරුන්ට හා ගුරුසේවයේ 1 පන්තියටත් තීරුබදු රහිත වාහන දෙන්න - ලංකා ගුරුසේවා සංගමය

04-08-2016

විදුහල්පතිවරුන්ට හා ගුරුසේවයේ 1 පන්තියටත් තීරුබදු රහිත වාහන දෙන්න - ලංකා ගුරුසේවා සංගමය

6/2006(I) නව වැටුප් චක‍්‍රලේඛයට අනුව ශි‍්‍ර ලංකා විදුහල්පති සේවය තෘතියික ශේ‍්‍රණියට අයත් බවත් විදුහල්පති සේවයේ නිලධාරීන්ට (2000 වසර දක්වා) තීරුබදු රහිත වාහන බලපත‍්‍ර ලබා ගැනීමේ හිමිකම තිබිණු බවත් එබැවින් එම හිමිකම් නැවත ලබාදෙන ලෙස ලංකා ගුරුසේවා සංගමය ඉල්ලා සිටී. මේ...

ETCA පරදන්න වෘත්තීය සමිති නියෝජිත හමුවක්

03-08-2016

ETCA පරදන්න වෘත්තීය සමිති නියෝජිත හමුවක්

  ETCA පැරදවීම වෙනුවෙන් පැවැත්වුණු වෘත්තීය සමිති නියෝජිත හමුවක් අද (03) කොළඹ දුම්රිය මුලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයා, ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සභාපති ඉංජිනේරු පාලිත අබේවර්ධන, ICT තොරතුරු තාක්‍ෂණ සංගමයේ සභාපති ඉන්දික ගමගේ, ලංකා වෙළඳ කාර්මික සහ පොදු...

සයිටම් එපා - විරෝධතා සම්මන්ත‍්‍රණය මහනුවරදීත්

03-08-2016

සයිටම් එපා - විරෝධතා සම්මන්ත‍්‍රණය මහනුවරදීත්

  ජීවිත වනසන, අධ්‍යාපන අයිතිය අහෝසි කරන ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පරදවමු - සයිටම් එපා විරෝධතා සම්මන්ත‍්‍රණය ඊයේ දින මහනුවරදී පැවැත්විණි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මගින් සංවිධානය කර ඇති මෙම සම්මන්ත‍්‍රණය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු විද්වත්...

(Audio) ඛණිජ තෙල් සංස්ථා සේවක නියෝජිත සමුළුව පවත්වති

03-08-2016

(Audio) ඛණිජ තෙල් සංස්ථා සේවක නියෝජිත සමුළුව පවත්වති

  ඛණිජ තෙල් පෞද්ගලීකරණයට එරෙහි සේවකයින් බලමුළුගන්වන නියෝජිත සමුළුව අද (03) කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සමුළුව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන...

සයිටම් නඩුවට මැදිහත්වීමට ACMOA ට අධිකරණය අවසර

02-08-2016

සයිටම් නඩුවට මැදිහත්වීමට ACMOA ට අධිකරණය අවසර

මාලඹේ සයිටම් ආයතනයේ ශිෂ්‍යාවක් මගින් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එරෙහිව අභියාචනාධිකරණයේදී ගොනු කරන ලද නඩුව අද දින කැඳවිය. එම නඩුව අද දින විජිත් මලල්ගොඩ (සභාපති) සහ ප‍්‍රීති පද්මිනි සූරසේන යන මහත්වරුන්ගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීය. එහිදී සමස්ථ ලංකා...

"සයිටම් එපා" සම්මන්ත‍්‍රණය ගාල්ලෙන් අැරඹෙයි

30-07-2016

"සයිටම් එපා" සම්මන්ත‍්‍රණය ගාල්ලෙන් අැරඹෙයි

"ජීවිත වනසන, අධ්‍යාපන අයිතිය අහෝසි කරන, ආණ්ඩුවේ ප්‍රතිපත්ති පරදවමු! සයිටම් එපා සම්මන්ත‍්‍රණය" යනුවෙන් පෞද්ගලික වෛද්‍ය විරෝධී මධ්‍යස්ථානය විසින් ආරම්භ කර ඇති සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය ඊයේ (29)ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි.  ඒම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ආනන්ද රුහුණු...

ධීවර සංස්ථාව දැවැන්ත අර්බුදයක - පඩි ගෙවන්නත් බෑ - වෘත්තීය සමිති සටනට

29-07-2016

ධීවර සංස්ථාව දැවැන්ත අර්බුදයක - පඩි ගෙවන්නත් බෑ - වෘත්තීය සමිති සටනට

  පසුගිය වසර ගණනාවක් තිස්සේ ධීවර සංස්ථාව තුල ගෙන ගිය ඉතා අකාර්යක්‍ෂම, දූෂිත පාලනය හේතුවෙන් මේ වන විට දැවැන්ත අර්බුදයක පවතින බව ලංකා ධීවර සංස්ථාව සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. වර්තමානයේදී ධීවර සංස්ථාව තුල පාලනාධිකාරිය හා ඇමතිවරයා ඒකාබද්ධව සංස්ථාව තුල වංචා...

‘‘ජන ජීවිත බිල්ලට දී වෛද්‍යවරු තනන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ජාවාරම’’ කෘතිය කාලෝ ෆොන්සේකාට පිළිගන්වයි

29-07-2016

‘‘ජන ජීවිත බිල්ලට දී වෛද්‍යවරු තනන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ජාවාරම’’  කෘතිය කාලෝ ෆොන්සේකාට පිළිගන්වයි

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය මගින් ප‍්‍රකාශයට පත්කරන ලද ජන ජීවිත බිල්ලට දී වෛද්‍යවරු තනන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ජාවාරම කෘතිය අද (29) ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේදී කාලෝ ෆොන්සේකාට පිළිගන්වනු ලැබිණි. මෙම අවස්ථාවට පෛෟද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය වෙනුවෙන් වෛද්‍ය ජයන්ත...

රු. දස ලක්‍ෂයේ විශේෂ සේවක ණය වැඩසටහන ක‍්‍රියාවට නංවන්න - සේවකයෝ SB ගෙන් ඉල්ලති

28-07-2016

රු. දස ලක්‍ෂයේ විශේෂ සේවක ණය  වැඩසටහන ක‍්‍රියාවට නංවන්න - සේවකයෝ SB ගෙන් ඉල්ලති

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව ස්ථීර සේවයේ නියුතු සේවකයින් හට ක‍්‍රියාවට නැංවු රු. දස ලක්‍ෂයක විශේෂ ණය වැඩ සටහන නවතා දැමීමෙන් කළමණාකරුවන්, දිවිනැගුම සංවර්ධන නිළධාරීන් ඇතුළු පහළ තනතුරු වල 3500 ආසන්න විශාල පිරිසක් බලවත් අසාධාරණයට පත් කිරීම සම්බන්දව විරෝධය පල කර...

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අඛණ්ඩ සටනක

28-07-2016

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අඛණ්ඩ සටනක

  ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව මගින් ඊයේ (27) ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වර්ජනය අද දිනත් ක‍්‍රියාත්මක වූ අතර ආණ්ඩුවෙන් කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණු බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ගෙවන...

"අපේ පක්‍ෂය - අපේ දෑතින්" පක්‍ෂ සංවර්ධන අරමුදලට වැඩකරන ජනතාවත්

28-07-2016

"අපේ පක්‍ෂය - අපේ දෑතින්"   පක්‍ෂ සංවර්ධන අරමුදලට වැඩකරන ජනතාවත්

  අපේ පක්‍ෂය - අපේ දෑතින් පක්‍ෂ සංවර්ධන අරමුදල සඳහා සමාජවාදී කම්කරු සංගමය මගින් වාර්ෂිකව පවත්වන කැට එකතු කිරීම ඊයේ දින බොරැල්ලේදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික ජිනදාස කිතුලෙගොඩ සහෝදරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. කිතුලෙගොඩ සහෝදරයා විසින් ජවිපෙ ඉතිහාසයේදී ලැබූ දුෂ්කරතා හා අත්දැකීම්...

2500/= වැඩි නොකළොත් නඩු - අන්තරේ බලපෑමෙන් කම්කරු ඇමති නියෝග කරයි

28-07-2016

2500/= වැඩි නොකළොත් නඩු  - අන්තරේ බලපෑමෙන් කම්කරු ඇමති නියෝග කරයි

රජයේ අයවැය සහන දීමනා පනත මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ට රු. 2500/= ක වැටුප් වැඩිවීම මෙතෙක් ලබා නොදුන් ආයතනවලට එරෙහිව නඩු පවරන ලෙසට කම්කරු ඇමතිවරයා විසින් කම්කරු කොමසාරිස් වෙත නියෝග කර ඇති බව වාර්තා වේ. මෙම නියෝගය කර ඇත්තේ අන්තර් සමාගම්...

"පර වැඩ එපා - ගුරුවරුන්ට ඉගැන්වීමට ඉඩ දෙනු!"

28-07-2016

"පර වැඩ එපා - ගුරුවරුන්ට ඉගැන්වීමට ඉඩ දෙනු!"

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පාලසලේ ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසන කාලයට වඩා වැඩි කාලයක් අධ්‍යාපන අමාත්‍යාශය මගින් ඉල්ලා තිබෙන වාර්තා සැකකසීමට යෙදවීමට සිදුව ඇති බැවින් ළමුන්ගේ අධ්‍යාපන කඩාකප්පල් වීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරගනිමින් කෑගල්ල දිස්ත්‍රිකයේ ගුරුවරුන් කෑගල්ල නගරයේ සිට පළාත් අධ්‍යාපන...

අධ්‍යාපන අයිතිය රැකගැනීම මුළුමහත් ජනතාවගේම වගකීමක්

28-07-2016

අධ්‍යාපන අයිතිය රැකගැනීම මුළුමහත් ජනතාවගේම වගකීමක්

"අධ්‍යාපනය අයිතියක් ලෙස තිබූ නිසා තමයි අද මේ කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ' ඒක නිසා අධ්‍යාපනයේ අයිතිය ආරාරක්ෂා කරගන්න රැකගන්න එක වැඩකරන ජනතාවගේ මෙන්ම මුළුමහත් ජනතාවගේම වගකීමක්." යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති...

විදුහල්පතිවරු ස්ථානගත නොකිරීමට එරෙහිව විරෝධතා

27-07-2016

විදුහල්පතිවරු ස්ථානගත නොකිරීමට එරෙහිව විරෝධතා

විදුහල්පති ශ්‍රේණිධාරී පත්විම් ලත් 3859 ක් වූ නිලධාරීන් මේ දක්වා විධිමත් ලෙස ස්ථානගත කිරීමත් ඔවුන් නිශ්චිත තනතුරුවල පිහිටුවීමත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිගින් දිගටම මගහරිමින් සිටීමට එරෙහිව අද දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්විණි.         මෙහිදී උද්ඝෝෂණයේ යෙදුණු විරෝධතාකරුවන්ගේ...

රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් දැවැන්ත විරෝධතා පෙළපාලියක්

26-07-2016

රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් දැවැන්ත විරෝධතා පෙළපාලියක්

රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ගේ රැකියා ලබාදෙන ලෙස බලකරමින් අද (26) බොරැල්ල ආයුර්වේද වටරවුමේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වීය. රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ මූලිකත්වයෙන් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගම, සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය හා...

ETCA පැරදවීමට සියළු බලවේග පෙළගස්වනවා - ලාල්කාන්ත

26-07-2016

ETCA පැරදවීමට සියළු බලවේග පෙළගස්වනවා - ලාල්කාන්ත

වර්තමාන ආණ්ඩුව විසින් අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් ජනතාව දැනුවත් කිරීම සඳහා පත‍්‍රිකා දසලක්‍ෂයක් බෙදා හැරීමේ ක‍්‍රියාමාර්ගය අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ විය. එම මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත, කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි, ලංකා විදුලි...

විදුහල්පති පත්වීම් ලබාදීමේ අර්බුදයට එරෙහිව කි‍්‍රයාමාර්ගවලට

25-07-2016

විදුහල්පති පත්වීම් ලබාදීමේ අර්බුදයට එරෙහිව කි‍්‍රයාමාර්ගවලට

විදුහල්පති ශ්‍රේණිධාරී පත්විම් ලත් 3859 ක් වූ නිලධාරීන් මේ දක්වා විධිමත් ලෙස ස්ථානගත කිරීමත් ඔවුන් නිශ්චිත තනතුරුවල පිහිටුවීමත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිගින් දිගටම මගහරිමින් සිටීමට එරෙහිව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට ඇති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසයි.         පත්විම්ලාභී...

ETCA පැරදවීමට ජනතාව දැනුවත් කරමින් පත‍්‍රිකා දස ලක්‍ෂයක්

25-07-2016

ETCA පැරදවීමට ජනතාව දැනුවත් කරමින්  පත‍්‍රිකා දස ලක්‍ෂයක්

  වර්තමාන ආණ්ඩුව විසින් අත්සන් කිරීමට නියමිත ETCA ගිවිසුමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ ක‍්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව හෙට සිට පත‍්‍රිකා දශලක්ෂ්‍යක් බෙදා හැරීමට කටයුතු කොට ඇති බවත් එහි පළමු පියවර ලෙස හෙට ප.ව....

විශ්ව විද්‍යාල සඳහා සමත් සිසු සිසුවියන්ට අධ්‍යාපන සමූපකාරයෙන් ශිෂ්‍යත්ව

24-07-2016

විශ්ව විද්‍යාල සඳහා සමත් සිසු සිසුවියන්ට අධ්‍යාපන සමූපකාරයෙන් ශිෂ්‍යත්ව

  බස්නාහිර පළාතේ අධ්‍යාපන සමූපකාරයේ සාමාජිකයින්ගේ දූ දරුවන් හට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ උළෙලක් අද (24) දෙහිවල එස්.ද එස්. ජයසිංහ ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා විශ්ව විද්‍යාලය සඳහා සමත් සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී වූ අතර අධ්‍යාපන සමූපකාරයේ වත්මන් සභාපති ප‍්‍රියන්ත ලියනගමගේ, ලංකා...

රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සටන තීව‍්‍ර කරයි.

24-07-2016

රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සටන තීව‍්‍ර කරයි.

  පසුගිය ජූලි 13 දින සිට ආරම්භ කර ඇති රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ විරෝධතා ක‍්‍රියාමාර්ග තීව‍්‍ර කිරීමට කටයුතු කරන බවත් ආණ්ඩුව තම ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන තෙක් අඛණ්ඩ අරගලයක නිරතවීමට කටයුතු කරන බවත් අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම...

පීඨාධිපතිවරුනි, ආණ්ඩුවේ පව්වලට කර ගහන්න එපා. සයිටම් අහෝසි කළ යුතුයි - පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

24-07-2016

පීඨාධිපතිවරුනි, ආණ්ඩුවේ පව්වලට කර ගහන්න එපා. සයිටම් අහෝසි කළ යුතුයි - පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

  පසුගියදා රාජ්‍ය වෛද්‍ය පිීඨයන්හි පීඨාධිපතිවරුන් විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය දැඩි විරෝධය පලකර ඇත. ඒ සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානය පවසන්නේ ආණ්ඩුවේ පව්වලට කර නොගසා ආණ්ඩුවේ කුමන්ත‍්‍රණවලට අසු නොවී ආචාර්ය මහාචාර්යවරුන් ලෙස තම...

විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයකට සූදානම් වෙති

23-07-2016

විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයකට සූදානම් වෙති

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දිගින් දිගටම එල්ලවන තාඩන පීඩන නිසාත් අධ්‍යාපනය වෙනුවෙන් බලාපොරොත්තුවූ කැපවීම ආණ්ඩුවෙන් නොලැබුණු නිසාත් අවශ්‍ය පහසුකම් හා  දීමනා ලබානොදීම නිසාත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩවර්ජනයකට යාමට තීණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා පැවසී ය. මෙම ගැටලු විසඳන්නැයි...

ජෝසප්ගේ හෙන්චයි ක‍්‍රියාමාර්ගවලට එරෙහිව විදුහල්පතිවරු විරෝධයේ

22-07-2016

ජෝසප්ගේ හෙන්චයි ක‍්‍රියාමාර්ගවලට එරෙහිව විදුහල්පතිවරු විරෝධයේ

  වැඩබලන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පිරිසක් සමග අද (22) දින ජෝසප් ස්ටාලින් අගමැති කාර්යාලය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයෙන් අනතුරුව ජෝසප් ස්ටාලින් හා අගමැති කාර්යාලයේ නිලධාරීන් අතර වූ එකඟතාවයට එරෙහිව විදුහල්පතිවරුන්ගෙන් දැඩි විරෝධයක් ඔහුට එල්ල වී ඇති බව වාර්තා වේ. විදුහල්පති පත්වීම්...

SAITEM රාජ්‍යද පෞද්ගලිකද අදාල නැත - වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කළ යුතුයි - ACMOA

22-07-2016

SAITEM රාජ්‍යද පෞද්ගලිකද අදාල නැත - වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කළ යුතුයි - ACMOA

  සයිටම් ආයතනයේ හිමිකාරීත්වය පිළිබඳව ගැටලූවක් නොමැති බවත් වෛද්‍ය උපාධිය මුදලට විකිණීම පෞද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය මගින් සිදු කළද එයට කිසිදු කොන්දේසියකින් තොරව විරෝධතාවය දක්වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. සයිටම් ආයතනය රාජ්‍ය පෞද්ගලික හවුල් ආයතනයක් ලෙස පවත්වා...

ආයුර්වේද සටනට සහාය පලකරමින් කොළඹ දේශීය වෛද්‍ය සිසුවෝ උද්ඝෝෂණයේ

22-07-2016

ආයුර්වේද සටනට සහාය පලකරමින් කොළඹ දේශීය වෛද්‍ය සිසුවෝ උද්ඝෝෂණයේ

  රැකියා විරහිත උාපධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහයට සහාය පලකරමින් අද (22) දින කොළඹ දේශීය ආයුර්වේද වෛද්‍ය සිසුහු උද්ඝෝෂණයක් පැවැත්විය.මෙම උද්ඝෝෂණය සඳහා දේශීය වෛද්‍ය ආයතනයේ සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී විය. මෙම අවස්ථාවට රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය...

ස්ථාන ගත නොකිරීමට එරෙහිව විදුහල්පතිවරු 3859 ක් ක‍්‍රියාමාර්ගවලට

21-07-2016

ස්ථාන ගත නොකිරීමට එරෙහිව විදුහල්පතිවරු 3859  ක් ක‍්‍රියාමාර්ගවලට

  මෑතදී පවත්වන ලද විදුහල්පති සේවා විභාගය සමත්ව නව විදුහල්පති ශ්‍රේණිධාරී පත්වීම්ලැබූවන් මේ දක්වා විධිමත්ව ස්ථානගත නොකිරීම හා තනතුරුවලට පත්කිරීම ප‍්‍රමාද කිරීමට එරෙහිව කි‍්‍රයාමාර්ග ගන්නා බව පවසමින් අද (21) ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව මගින්  මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්විණි....

ආයුර්වේද වෛද්‍ය සටනට යක්කල වෛද්‍ය සිසුන්ගේත් සහාය

21-07-2016

ආයුර්වේද වෛද්‍ය සටනට යක්කල වෛද්‍ය සිසුන්ගේත් සහාය

  රැකියා විරහිත උාපධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහයට සහාය පලකරමින් අද (21) දින යක්කල ආයුර්වේද වෛද්‍ය සිසුහු උද්ඝෝෂණයක් පැවැත්විය. යක්කල දේශීය වෛද්‍ය ආයතනය ඉදිරිපිට පැවති මෙම උද්ඝෝෂණය සඳහා වෛද්‍ය සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගී විය. වසර 6 ක් තිස්සේ...

රෝහල් වැඩබලන අධ්‍යක්‍ෂකගෙන් සංවර්ධන නිලධාරියකුට අමානුෂික ප‍්‍රහාරයක් - නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ නම් ක‍්‍රියාමාර්ගවලට

21-07-2016

රෝහල් වැඩබලන අධ්‍යක්‍ෂකගෙන් සංවර්ධන නිලධාරියකුට අමානුෂික ප‍්‍රහාරයක් - නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ නම් ක‍්‍රියාමාර්ගවලට

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) වර්තමාන වැඩබලන අධ්‍යක්‍ෂකවරයා විසින් රාජකාරියේ යෙදී සිටියදී සංවර්ධන නිලධාරීවරයකුට සිදු කර ඇති අමානුෂික පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සංවර්ධන නිලධාරී සේවා සංගමය පවසයි. එමෙන්ම එම විනය විරෝධී ක‍්‍රියාමාර්ගයට එරෙහිව අදාල අධ්‍යක්‍ෂකවරයා සම්බන්ධයෙන් විනය පියවර...

රේගුව රැකගත යුත්තේ ඇයි? ජනතාව දැනුවත් කිරීමේ අත්පත‍්‍රිකාවක්

21-07-2016

රේගුව රැකගත යුත්තේ ඇයි?  ජනතාව දැනුවත් කිරීමේ අත්පත‍්‍රිකාවක්

වත්මන් ආණ්ඩුව මගින් පැරණි රේගු ආඥා පනත අහෝසි කොට නව රේගු පනතක් ගෙන ඒ්ම සඳහා කටයුතු කිරීම හරහා විශාල ලෙස ජාවාරම්කරුවන්ට රිසි සේ කටයුතු කිරීමේ ඉඩක් හිමි වන බවත් රටට විශාල ආදායමක් අහිමි වී යන බවත් පවසන රේගුව සුරැුකීමේ සංවිධානය...

ලංගම වෘත්තීය සමිති - ඇමති තීරණාත්මක සාකච්ඡුාවක් ජූලි 22

20-07-2016

ලංගම වෘත්තීය සමිති - ඇමති තීරණාත්මක සාකච්ඡුාවක් ජූලි 22

  ලංගම ය ශක්තිමත් කර විධිමත් ප‍්‍රවාහන සේවයක් මගිී ජනතාවට ලබාදීමට ක‍්‍රියාත්මක වෙනවාද, එසේ නොමැතිනම් ශ‍්‍රී ලංගමය විනාශකර එහි මලගම සිදුකරනවා ද යන්න තීරණය කරන විශේෂ සාකච්ඡුාවක්  ජූලි 22 වන දින පැවැත්වෙන බව  ශ‍්‍රී ලංගම සුරැකිමේ වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානය පවසයි.  අගමැතිතුමා,...

රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ට රුකියා ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුය.

19-07-2016

රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ට රුකියා ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුය.

පසුගිය ජූලි 13 වන දින සිට රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය නිළධාරීන් ගේ රැකියා ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටී. එම සංගමය මගින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ....

සිංගප්පූරුවෙන් ප‍්‍රතිකාර ගන්නා සෞඛ්‍ය ඇමති දේශීය වෛද්‍යවරුන් බඳවා නොගැනීම ගැන පුදුම නෑ - වෛද්‍ය නලින්ද ජයතිස්ස

19-07-2016

සිංගප්පූරුවෙන් ප‍්‍රතිකාර ගන්නා සෞඛ්‍ය ඇමති දේශීය වෛද්‍යවරුන් බඳවා නොගැනීම ගැන පුදුම නෑ - වෛද්‍ය නලින්ද ජයතිස්ස

  රැකියා විරහිත උපාධිධාරී වෛද්‍යවරුන් ආරම්භ කර ඇති සත්‍යග‍්‍රහයට සහාය පලකරමින් අද (19) දින පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා රාජගිරියේ පිහිටි එම සත්‍යග‍්‍රහයට එක් විය. 700 ක් පමණ ආයුර්වේදෙ උපාධිධාරීන් වසර 6 ක් තිස්සේ රැකියා ලබා නොදීමට එරෙහිව පසුගිය 13...

යාපනය සරසවි සිසු ගැටුම යොදා ගනිමින් ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබමු. - CTSU

18-07-2016

යාපනය සරසවි සිසු ගැටුම යොදා ගනිමින් ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබමු. - CTSU

  යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (ජූලි 16  දින) ඇතිවූ ගැටුම අනුමත නොකරන බවත් එය දැඩිව හෙලා දකින බවත් ලංකා ගුරුසේවා සංගමය පවසයි. මෙරට ජාතිකත්වයන් අතර සංහිදියාව හා සාමය සහජීවනය ගොඩනැගෙමින් පවතින වටපිටාවක එයට බාධාකාරී ලෙස මෙවැනි...

ජාතිවාදයට ධනවාදයට එරෙහිව රතු කොඩිය ඔසවන්න අවස්ථාවක්

නැවත මේ බිමේ ජාතිවාදයට ධනවාදයට එරෙහිව රතු කොඩිය ඔසවන්න අවස්ථාවක් උදාවෙලා ඇති බවත් ධනපති පාලකයන්ට ජාතික ගැටලුවට විසුඳුම් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (07) යාපනය මහජන පුස්තකාලයේදී  "ජාතික ගැටලුව විසඳීම සඳහා ප‍්‍රවේශයක්" සම්මන්ත‍්‍රණය පවත්වමිණි.

ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එහිදී දැක්වූ අදහස් පහත පළ වේ.

ජනතා විමුක්ති පෙරමුණ ලෙස ජාතික ප‍්‍රශ්නය විසඳීම යොජනා මාලාවක් ගේන්න බලපාපු කරුණු තමයි පසුගිය කාලයේ විශාල ලෙස විකාශනය වූ දිගු ඉතිහාසයක් තිබෙන මෙම ජාතික ප‍්‍රශ්නය. පසුගිය කාලය පුරා විවිධ ආණ්ඩුවල විවිධ නායකයෝ ගිවිසුම් ගැහුවා. ප‍්‍රශ්නය වැඩිකළා මිස ඒ අය ප‍්‍රශ්නය විසඳුවේ නැහැ. මහින්ද රාජපක්‍ෂ පාලනය යුද්ධයෙන් පසු ගෙවුණු වසර හතර තුළ දෙමළ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් දුන්නේ නැහැ. ජාතික ප‍්‍රශ්නය විසඳන්න තිබුණු අවස්ථාවන් මගහැරියා. ජාතිවාදය මත බලය පවත්වාගෙන ගියා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත්කරලා ජාතික ප‍්‍රශ්නය විසඳන එක කල් හරිනවා. සිංහලදෙමළ නායකයෝ බල ලෝභය වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ප‍්‍රශ්නය විසඳන්න යෝජනා මාලාවක් ඉදිරිපත් කරන්නේ.

අප විශ්වාස කරනවාආණ්ඩුව මේ ආණ්ඩුවට ජාතික සමගිය හදන්න බැහැ කියලා. ජාතිවාදයආගම්වාදය මත තම බලය තහවුරු කරගන්න හදනවා මිස ජාතියේ සමගිය හදන්න කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. ඒ නිසා තමයි දෙමළ ජාතික සන්ධානය ජාතිවාදය අවුළුවන්න පියවර තබන්නේ. පසුගියදා ඉදිරිපත් කළ ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රකාශය උතුරේ ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නවලට පිළිතුරු ආමන්ත‍්‍රණය කරලා නැහැ. දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය පාවිච්චි කරමින් ප‍්‍රභූ කණ්ඩායම් බලහ තහවුරු කරගන්න හදනවා. ඉන්දියාවේ වුවමනාව අනුව කටයුතු කරනවා.

දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයේ දෙමළ ජනතාවට වාසියක් නැහැ. වාසිය තිබෙන්නේ ආණ්ඩුවටයි. මහින්ද රාජපක්‍ෂට මෙවර මැතිවරණයේ තමන්ට ඡන්දය දෙන්න කියලා ජනතාවට කියන්න හේතුවක් නැතිවයි හිටියේ. ටී. එන්. ඒ. එක මාතෘකාවක් ලබාදීලා තියෙනවා. තර්කයක් නිර්මාණය කරදීලා ඉවරයි. මහින්ද රාජපක්‍ෂ දැන් කියනවා රට බෙදන ප‍්‍රශ්නයක් ඇවිත්ඒ නිසා මහින්ද රාජපක්‍ෂ බලයේ තියාගන්න කියලා. ආණ්ඩුවට ජාතිවාදී දේශපාලනයකට අවස්ථාව හදලා දීලා තියෙනවා. ජාතිවාදී කණ්ඩායම් දෙකක් බලය වෙනුවෙන් වැඩකරමින් සිටිනවා විනා ජාතික ප‍්‍රශ්නය විසඳන කි‍්‍රයාමාර්ග ගන්නේ නැහැ.

ජාතික ප‍්‍රශ්නය විසඳනවානම් ප‍්‍රවේශයක් තබන්න ජාතික ගැටලුවට බලපාන ඇත්ත හේතුව සොයාගත යුතුයි. අපි විශ්වාස කරන විදියට මුල්ම හේතුව වන්නේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටතුළ අනුගමනය කළ බෙදා වෙන්කිරීමේ පාලනයයි. ඔවුන් ජාතිතක්වයන් බෙදා වෙන්කර පාලනය කළා. 1948 බි‍්‍රතාන්‍යයන් ලංකාවෙන් ගිහින් ලංකාවේ ධනපති පංතියට බලය දුන්නට පස්සෙත් ඔයුන් ජාතිවාදය තමන්ගේ බලය වෙනුවෙන් අවියක් ලෙස යොදා ගත්තා. ඒ නිසා කළකෝලාහල ඇතිවුණා. බි‍්‍රතාන්‍යයන් උරුම කළ දේශපාලනයම දිගටම කරගෙන ගියා.

ඒ වගේම තමයි ධනපති ක‍්‍රමයේ තිබෙන ජාතිකත්වයන්ට අසමාන ලෙස සැලකීම ජාතික ගැටලුව නිර්මාණය වීමට බලපෑවා. තුන්වැනි කාරණය තමයි ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි කිරීමඅයිතීන් ඉල්ලන ජනතාව මර්දනය කිරීම මගින් ජාතික ප‍්‍රශ්නය වර්ධනය කළා. ජාතික ප‍්‍රශ්නය දිගුකාලීනව විසඳනවානම් ජාතිවාදය පරාජය කළ යුතුයි. ඒ වගේම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදිය යුතුයි. මේ කාරණා තුන විසඳෙන්නේ නැති තාක් කල් ජාතික ප‍්‍රශ්නය විසඳිය නොහැක. මේ දුර්වල පසුගාමී ධනපති පංතියට ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදෙන්න බැහැ. මහින්ද රාජපක්‍ෂට ජනතාවට අයිතීන් ලබාදෙන්න බැහැ. ජාතික සමගිය හදන්න බැහැ. ජාතික ගැටලුවට ස්ථිරසාර විසඳුමක් දෙන්න බැහැ. ජනතාවට සමානාත්මතාවය,ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදිය හැක්කේ සමාජවාදය තුළ පමණක්ය කියලා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරනවා. මේ අදහස කිව්වාම සමාජවාදය එන තෙක් ජනතාව බලා ඉන්න ඕනද කියලා අහන්න පුළුවන්. අපේ පිළිතුර වන්නේ බලා සිටිය යුතු නැහැ. සිංහලදෙමළ,මුස්ලිම් ජනතාව සමාජවාදය දිනාගැනීම වෙනුවෙන් සටන් වැදිය යුතුයි. ඒවගේම ධනවාදය තුළ යම් යම් ප‍්‍රතිසංස්කරණ දිනාගැනීමට ඉල්ලීම් දිනාගැනීමට අරගල කළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණ එළිදක්වපු යෝජනා මාලාවේ ජාතික ප‍්‍රශ්නය මුළුමනින්ම ස්ථිරසාර ලෙස විසඳිය හැකියයි අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ජාතික ගැටලුව විසඳීමේ පළමු ප‍්‍රවේශයක්. ධනවාදය තුළ වුවද කි‍්‍රයාත්මක කළහැකියි. ජාතික ප‍්‍රශ්ණය විසඳීමට තබන පළමු පියවර ලෙස එය කි‍්‍රයාත්මක කරවීමට සටන් කළ යුතුයි. ජාතික ගැටලුව විසඳීම සඳහා ධනපති පංතියට තිබෙන්නේ ක‍්‍රම දෙකයි. එකක් බළහත්කාරයෙන් එකතු කිරීම. අනෙක බලහත්කාරයෙන් වෙන් කිරීම. මේ දෙකම ජාතික ප‍්‍රශ්නයට පිළිතුරක් නොවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස මධ්‍යගත කිරීමයි එකම විසඳුම වන්නේ.

මේ මොහොතේ දෙමළ ජනතාවට බලපාන ප‍්‍රශ්න ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ වගේම දෙමළ ජනතාව දෙමළ වීම නිසා මුස්ලිම් ජනතාව මුස්ලිම් වීම නිසා ඇතිවී තිබෙන විශේෂ ප‍්‍රශ්න ගණනාවයක් ඇතිවී තිබෙන බව අපි දන්නවා. ඒ සමහර ගැටලුවලට ජනතාව සමඟ එකතු වෙලා අරගල කරලා තිබෙනවා.

මේ යෝජනා මාලාවේ ක්ෂේත‍්‍ර 5ක් යටතේ කරුණු ඉදිරිපත්කර තිබෙනවා. දිගුකාලීන හා කෙටි කාලීන විසඳුම් අඩංගුවෙලා තිබෙනවා. දෙමළ සහෝදර සහෝදරියන් අපි ඉල්ලනවා මේ පිළිබඳව ඔබගේ යෝජනා ඉදිරිපත්කරන්න කියලා. මොකද මේක අවසන් ලෙස සකස් කළ එකක් නොවෙයි.

අපි එළිදැක්වපු කෘතිය මගින් අධ්‍යයනය කළාම අවබෝධයක් ලබාදෙනන පුළුවන් කියලා අපි හිතනවා.

මෙම යෝජනා ජාතික සමගිය ඇතිකිරීමඋතුරේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා. ඒ නිසා මේ යෝජනා කි‍්‍රයාත්මක කර ගැනීමට ඒකාබද්ධව සටන්කළ යුතුයි කියලා අප හිතනවා. ආණ්ඩුවට හෝ වෙනත් කණ්ඩායම්වලට මේ යෝජනා වැරදියි කියලා හෝ මේවා කි‍්‍රයාත්මක කළ නොහැකි දේවල් කියලා කීමට නොහැකියි. එම යෝජනා කි‍්‍රයාත්මක කරනවා නම් මහින්ද රාජපක්‍ෂට පිල්ලේ එනකොට බයවිය යුතු නැහැ. දෙමළ ජනතාවෙගේ ප‍්‍රශ්න තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හිඟන්නාගේ තුවාලය බවට පත්කරගත යුතු නැහැ. මෙම ප‍්‍රශ්න විසඳීම තමයි මේ මොහොතේ අවශ්‍ය වෙලා තියෙන්නේ.

ඉතිහාසයේ පුරා දුක් වින්ද උතුරේ ජනතාවට අපි කියන්නේ පැනනැගී තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම් හොයන අලුත් මානයක් හිතන්න කාලය ඇවිත් තිබෙනවා. සිංහල,දෙමළමුස්ලිම් අපිට පැන නගින ගැටලුවලට වෙන වෙනම විසඳුම් ලබාගත නොහැකියි. නිදහසවිමුක්තියඅයිතීන් දිනාගත හැක්කේ වෙන්වීමට කරන අරගලවලින් නොවේ. අපට සිටින පොදු සතුරාට මුහුණ දිය යුත්තේ එකටයි. ඒ අප කරන සටනේ ඉලක්කයක්කොන්දේසියක් ලෙස මෙම යෝජනා ඉදිරියෙන් තබාගත යුතු යැයි අප යෝජනා කරනවා. ජාතික ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුම සමාජවාදයයි. ඒ වෙනුවෙන් එකට එකතු වෙන්න  ඕන. සමගි වෙන්න ඕන. ඒ සඳහා එකම රතු ධජයක් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. එවැනි යහපත් සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වැදිය යුතුයි. බෙදීමේ දේශපාලනය මගහැර ජනතාව සමගි කරන දිශාවට අරගල කරන්න කියා සියලු ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මෙම සටන අපේ රටේ අනාගතය වෙනුවෙන්සමාජවාදය වෙනුවෙන් කරන සටනක්. එම සමාජවාදී රතු ධජය ලෙළවන්න එක මිටකට එකතුවෙන්න කියා අපි ඉල්ලා සිටිනවා."

 

 

 

 

 

 

 

 

 

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


පින්තූර පුවත්

Calendar

« September 2016 »
Mon Tue Wed Thu Fri Sat Sun
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30    

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top