See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල 2016 සාර්ථකව නිමාවිය

පැරණි පුවත්

දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල 2016 සාර්ථකව නිමාවිය



දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙලට සමගාමීව පවත්වනු ලැබූ කෙටි නාට්‍ය උළෙල දෙසැම්බර් 15 දින මරදාන ටවර් රංගශාලාවේදී සාර්ථකව නිමාවිය.

කලා උළෙල සඳහා යොමු කරනු ලැබූ කෙටි නාට්‍ය පිටපත් පළමු වටයේ සහ දෙවන වටයේ තරඟ විනිශ්චයෙන් අනතුරුව  අවසන් වටය සඳහා තේරීපත් වුණු කෙටි නාට්‍ය මෙලෙස අවසන් විනිශ්චය සඳහා වේදිකාගත කරන ලදි.

නිමේෂ් පතිරණ - මිඩ්නයිට් ඩ්‍රිම්

සමන් කුමාර ගමගේ - අන්තිම කොච්චිය

හිමාෂි විතාරන - මේ මනමේ නෙමෙයි

නෙරංජන් චන්ද්‍රාදිත්‍ය /කසුන් වනිගසේකර - සමග මම

ශානක උදාරගේ - එයත් එක්ක

නිලංක නිසලාංජල - කුරුල්ලෙක් ඇවිත්

කෙටිනාට්‍ය විනිශ්චය සඳහා නාට්‍ය අධ්‍යක්ෂ සහ සිනමා අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක, නාට්‍යවේදී රංගන ශිල්පී චන්ද්‍රසෝම බිංදුහේවා, රංගධර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රසන්නජිත් අබේසූරිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංගධර ප‍්‍රියංකර රත්නායක, නාට්‍යවේදී පේ‍්‍රමරත්න තෙන්නකෝන් යන මහත්වරුන් සහභාගි වුහ.

මිනිසුන්ගේ ජීවිතේ සැබෑ ජීවන අත්දැකීම් පාදක කරගනිමින් එම අත්දැකීම් සෞන්දර්යාත්මකව ප‍්‍රතිනිර්මාණය කරමින් මිනිසුන්ගේ හදවත හා මනස සංවේදී කළ හැකි හා බුද්ධිමය නිම්වළලූ පුළුල් කළ හැකි නිර්මාණයන් හා එවැනි ප‍්‍රතිභාවක් සහිත නිර්මාණකරුවන් වෙනුවෙන් දිගහැරෙන වැඩකරන ජනතා කලා උළෙලේ විශේෂ අවස්ථාවක් ලෙස දහදිය සිත්තම කෙටි නාට්‍ය උළෙල ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරන බවත්, කෙටි නාට්‍ය ශිල්පීන් තම නිර්මානකරණයේදී මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා අවසන් වටයට තේරුණු කෙටිනාට්‍ය වෙනුවෙන් පසුගිය වසරවල්වලදී ලබාදුන් රු 10,000 මූල්‍ය මය සහයෝගය රු 25,000 දක්වා වැඩිකර මෙවර ලබාදීමට කටයුතු කර ඇති බවත් උළෙල අරඹමින් පිළිගැනීමේ කථාව කළ සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි සහෝදරයා සදහන් කරන ලදි.

එම අවස්ථාවට ජගත් චන්ද්‍රසිරි, දීපානි සිල්වා, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සමන්ත කෝරලේආරච්චි, හෙද සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් හා විශාල පේ‍්‍රක්‍ෂක පිරිසක්  එම අවස්ථාවට එක්ව සිටිනු දක්නට හැකිවිය.

 

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top