See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්වැඩකරන ජනතාවගේ නිර්මාණ සුවදින් දහදිය සිත්තම සුවදවත් වූ වගයි.

පැරණි පුවත්

වැඩකරන ජනතාවගේ නිර්මාණ සුවදින් දහදිය සිත්තම සුවදවත් වූ වගයි.

 

දහදිය සිත්තම වැඩකරන ජනතා කලා උළෙල 2016 සඳහා වන නිර්මාණ ඇගයීම් වෙනුවෙන් සහතික හා සම්මාන ප‍්‍රදාන උළෙල ඊයේ (20) දින සවස 2.00ට මරදාන ටවර් රඟහලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් නිමා විය. 

කෙටි නාට්‍ය, කෙටි කථා, කාව්‍ය රචනා, ගීත රචනා, ඡුායාරූප, චිත‍්‍ර, නර්ථන, ගීත ගායනා, නිවේදක තරඟ අංශ 09ක් සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වතු හා පෞද්ගලික අංශ යන ක්‍ෂේත‍්‍රයන් හි සේවය කරන වැඩකරන ජනතාව නිර්මාණ ඉදිරිපත් කර තිබුණි. එම නිර්මාණ පළමු, දෙවන හා අවසන් වශයෙන් වට 03කින් විනිශ්චයට ලක්කරමින් ජයග‍්‍රහණය කරන ලද නිර්මාණකරුවන් මෙහිදී සම්මාන සහ සහතික වලින් පිදුම් ලැබීය. 

මෙම උළෙල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත, සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි, ඇතුළු වෘත්තීය සිමති නායකයින් විශාල ප‍්‍රමාණයකගේ හා කලාකරුවන් වන කමල් පෙරේරා, බුද්ධදාස ගලප්පත්ති, ප‍්‍රසන්නජිත් අබේසූරිය, දීපානි සිල්වා, ජගත් චන්ද්‍රසිරි, රමනී ෆොන්සේකා ඇතුළු මහත්ම මහත්මීන් රැසකගේ සහභාගීත්වය දැකගැනීමට තිබුණි. 2016 වසරේ 

  • හොඳම කෙටි කථාව - ශක්තික සත්කුමාරගේ ‘‘දැදුරු’’ නිර්මාණය
  • හොඳම කාව්‍ය රචනය - පද්මිණී ශ‍්‍රියාලතාගේ ‘‘රේල් පීලේලලේ රතු කුසුම’’ නිර්මාණය
  • හොඳම ගීපද රචනය - නිමල් ශාන්තගේ ‘‘කිරි සුවඳ’’ නිර්මාණය
  • දමිළ මාධ්‍යය හොඳම කාව්‍ය නිර්මාණය - ජෙයම් ජේගන්ගේ ‘‘සත්තමායි වෙන්ඩුම්’’ නිර්මාණය
  • දමිළ මාධ්‍යය හොඳම ගීපද රචන - මොහොමඞ් ස්මයිල්ගේ ‘‘පූගෙයිතාලෙයි ඔලිප්පොම්’’ නිර්මාණය
  • දමිළ මාධ්‍යය හොඳම කෙටි කථාව - ෆාතිමා රිම්සාගේ ‘‘තේලිවු’’ නිර්මාණය
  • කෙටි නාට්‍ය උළලේ වසරේ හොඳම නිළිය - තෙරුණි ආශංසා
  • කෙටි නාට්‍ය උළලේ වසරේ හොඳම නළුවා - සුදර්ශන ක‍්‍රිෂාන්ත 
  • කෙටි නාට්‍ය උළලේ වසරේ හොඳම අධ්‍යක්‍ෂණය - නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය, කසුන් උදයන්ග
  • කෙටි නාට්‍ය උළලේ වසරේ හොඳම පිටපත - නිමේෂ් පතිරණගේ ‘‘මිඞ් නයිට් ඩ‍්‍රිම්’’ නාට්‍ය
  • කෙටි නාට්‍ය උළලේ වසරේ පේ‍්‍රක්‍ෂක සම්මානය - සමන් ගමගේ ගේ ‘‘අන්තිම කෝච්චිය’’ නාට්‍ය
  • යන නිර්මාණ ඇතළු නිර්මාණකරුවන් රැුසක් මෙහිදී වැඩකරන ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.

‘‘සමස්ථ ලාංකීය වැඩකරන ජනතාවගේ නිර්මාණශීලී හැකියාවන් උළෙලකට, සම්මානයකට පමණක් සීමා නොකර වැඩකරන ජනාතව අතර සිටින නිර්මාණකරුවන් නිවැරදිව හඳුනා ගැනීම සඳහාත්, එම නිර්මාණකරුවන්ගේ නිර්මාණ නිවැරදි සමාජ දෘෂ්ඨියක් සහිත පිරිපුන් විශිෂ්ට නිර්මාණ බවට පත් කිරීම ස`දහාත්, නිර්මාණකැවන්ගේ ප‍්‍රතිභාව ඉහල නැන්වීම උදෙසාත් මෙම ප‍්‍රයත්නය අඛන්ඩව ඉදිරියට යන බවත් එම නිර්මාණ රාසාඥතාවයෙන් ඉහල ජන මනස අවදිකරන බුද්ධිමය ආමන්ත‍්‍රණයන්ගෙන් පූර්ණ නිර්මාණකරනයක් වෙනුවෙන් ඔවුන් සම`ග ජීවත්වෙමින් දහදිය සිත්තම වැඩකරන ජනතාවගේ සැබෑ නිර්මණකරනයේ වේදිකාව බවට පරිවර්ථනය වෙමින් තිබෙන බවත් උළෙල අරඹමින් සාහිත්‍ය අනුකමිටුවේ සභාපති චන්දන සූරියආරච්චි සහෝදරයා අදහස් පල කරන ලදි.

‘‘වත්මන් පාලනයේ සියළු දේශපාලන තීන්දු රට උගසට තැබීමටත්, ලාංකීය ජාතිය ණය කරුවන් බවට පත් කරවීමටත් ඩොලර් වෙනුවෙන් රටම බිළිදෙමින් තිබෙන මොහොතක ලාංකීය සමාජයම එම දරුණු ඛේදවාචකයට මුහුණ දෙමින් සිටියි. අප ජීවත් වන පරිසරය තුළ  ඕනෑම ක්‍ෂේත‍්‍රයකම නිර්මාණකරනයක නියැලෙන කලාකරුවෙකුට  ඕනෑවටත් වඩා නිර්මාණ වස්තු බීජයන් නැතිනම් අනුභූතීන් පවතින බවත් සමාජයක් ලෙස මුහුණ දෙමින් තිබෙන මෙම සමාජ අර්බුදයෙන් ජනතාව මුදාගෙන හැම කෙනෙකුටම සතුටින් ජීවත් විය හැකි සමාජයක්, සැමට සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අරමුණින් දේශපාලඥයින් ලෙස අපි අපේ භාෂාවෙන් ජනාතාව වෙත එම පණිවිඩය රැගෙන යනවා. කලාකරුවන්ටත් පුළුවන් මේ සමාජය ජනතා හිතකාමී සුන්දර සමාජයක් වෙනුවෙන් යමක් කරන්න. ඔබ සතුව පවතින නිර්මාණශීලී හැකියාව ඒ වෙනුවෙන් භාවිතාවට නගන්න අපි ඔබට යෝජනා කරනවා. තමන්ගේ කලා හැකියාව මිනිස් ජීවිත හා බැඳුනු සමාජය විනිවිදිමින් සෞන්දර්යාත්මක ප‍්‍රතිනිර්මාණ ඔස්සේ මිනිසුන්ව අවදි කලහැකි නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න කියල යෝජනා කරනවා’’ එම යෝජනාව සහිතව අදහස් පල කලේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කන්ත සහෝදරයා විසිනි.

ජාතික සමගිය ගොඩනගමින් වෙනස් සහ අලූත් නිර්මාණ සංස්කෘතික අංග රැසකින් සංස්කෘතික උළෙල වර්ණවත් වී තිබෙනු දැකගැනීමටද හැකි විය.

 

 

 

 

 

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top