See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්EPF වංචාවට සහ Man Power සේවාවට එරෙහිව සටන් කි‍්‍රයාමාර්ග ගන්නවා අන්තර් සමාගම් සේවක සංගමය මාධ්‍යයට හෙළිකරයි.

පැරණි පුවත්

EPF වංචාවට සහ Man Power සේවාවට එරෙහිව සටන් කි‍්‍රයාමාර්ග ගන්නවා අන්තර් සමාගම් සේවක සංගමය මාධ්‍යයට හෙළිකරයි.

 

 

බැඳුම්කර වංචාව හරහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) කොල්ලකෑමට එරෙහිවත්සේවකයා නූතන වහලෙකු බවට පත්කරමින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය සමාගම් වලමෑන්පවර් (Man Power) සේවාව ව්‍යාප්ත කිරීමටත් එරෙහිව අන්තර් සමාගම් සේවකසංගමය සටන් කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණය කළ බව අද (ජන. 05) පැවති ජනමාධ්‍යහමුවට එක්වූ සංගමයේ නායකයින් ප‍්‍රකාශ කරන ලදී.

මෙම මාධ්‍ය හමුවේ කරුණු දක්වමින්, වර්තමාන ආණ්ඩුවේකි‍්‍රයාපිළිවෙතින්අර්ථසාධක අරමුදල බරපතල අනතුරකට පත්වෙලා තියෙනවා. ආණ්ඩුව මැදිහත්වෙලාඅර්ථසාධක අරමුදලෙන් කරන ආයෝජන අරමුදලට වාසිදායකව නොව තමන්ගේ හිතවතුන්ට ලාභලැබෙන ආකාරයෙන් කටයුතු කිරීම නිසා අද වන විට EPF අරමුදල බරපතල තර්ජනයකටලක්වෙලා. සුප‍්‍රසිද්ධ බැඳුම්කර වංචාව මගින් රු.කෝටි 3500 ක පමණ අලාභයක් EPF අරමුදලට සිදුකිරීම නිසා EPF සාමාජිකයින්ට ලැබිය යුතු ප‍්‍රතිලාභ අහිමිවී තිබෙනවා. මෙම අලාභය සිදුකළ වැරදිකරුවන් තවමත් නිදැල්ලේ. සේවක ප‍්‍රතිලාභකොල්ලකෑමට සම්බන්ධ වූවන් සියලූ දෙනාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කර ගැනීමසඳහා අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට අන්තර් සමාගම් සේවක සංගමය කි‍්‍රයාකරන බවවසන්ත සමරසිංහ සහෝදරයා පැවසීය.

එමෙන්ම කොන්ත‍්‍රාත් වහල් ක‍්‍රමය අදදවස වන විට ලංකාව තුල රජයත්, කම්කරු දෙපාර්තමේන්තුවත් අනුගමනය කරනකි‍්‍රයාපිළිවෙත හේතුවෙන් බරපතල ලෙස සූරාකෑමකට ලක්වෙනවා. කොන්ත‍්‍රාත්සමාගම් හරහා සේවකයන් සේවයට ගැනීම මහා පරිමාණයෙන් සිදුවෙනවා. රජයේ ආයතන වනරෝහල්, විදුලිබල මණ්ඩලය, ටෙලිකොම්, ජල සම්පාදනය, බැංකු, රක්‍ෂණ සංස්ථා වැනිආයතනත්, මහ බැංකුවත්, පෞද්ගලික අංශයේ සියලූ සමාගම් පාහේ මේ ක‍්‍රමයඅනුගමනය කරනවා. කොන්ත‍්‍රාත් සමාගම් හරහා සේවයේ යොදවන සේවකයන්ට හිමිවන්නේඉතා පහල වැටුප්. අනෙකුත් වෘත්තීය අයිතිවාසිකම් ඇත්තේම නැහැ. මේ ක‍්‍රමයයටතේ ඇත්ත හාම්පුතා සේවකයන්ගේ වගකීමෙන් සම්පූර්ණයෙන්ම පලා යනවා. වැඩකරනජනතාවගේ වගකීම අඩුවෙන් ගෙන, වැඩකරන ජනතාවට අඩුවෙන් ගෙවා තම ලාභය වැඩිපුරඋපයා ගැනීමට මෙමගින් සලසා දීම තුලින් මෑන්පවර් සේවා ක‍්‍රමය මගින් නූතනවහල් වෙළඳාමට ඉඩ විවර කර ඇති බව කිව යුතුයි. මේ කරුණු හේතුවෙන් මෑන්පවර්සේවා ක‍්‍රමයට අන්තර් සමාගම් සේවක සංගමයේ දැඩි විරෝධය පලකරනවා.
අර්ථසාධක අරමුදල සූරාකෑමට එරෙහිවත්, මෑන්පවර් සේවා ක‍්‍රමය අහෝසි කිරීමඋදෙසාත් අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරියේදී උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ආරම්භකරමින් වැඩකරන ජනතාව පෙළගස්වන බවට අන්තර් සමාගම් සේවක සංගමය මෙම මාධ්‍යහමුවේදී අවධාරණය කර සිටියා.

මෙම මාධ්‍ය හමුවට අන්තර් සමාගම් සේවකසංගමයේ නායකයින් වන වසන්ත සමරසිංහ, ජානක අධිකාරි, බී.අයි. ආබ්දීන්, පියදාසගමගේ සහ පී. හෙට්ටිආරච්චි යන සහෝදරවරුන් සහභාගි වූහ.

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top