See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්EPF රැකගැනීමේ විරෝධතා පෙළපාලිය හා උද්ඝෝෂනය සාර්ථකයි මහ බැංක අධිපති සතියකින් පිළිතුරු දෙන බව පොරොන්දු වේ.

පැරණි පුවත්

EPF රැකගැනීමේ විරෝධතා පෙළපාලිය හා උද්ඝෝෂනය සාර්ථකයි මහ බැංක අධිපති සතියකින් පිළිතුරු දෙන බව පොරොන්දු වේ.

සුප‍්‍රසිද්ධ මහ බැංකු බැඳුම්කර වංචාව මගින් සේවක අර්ථසාධක අරමුදලට (EPF) රු. මිලියන 15000 ක පාඩුවක් සිදුකරමින් සේවක අර්ථසාධක අරමුදල් ලාභින්ට සිදුකර ඇති හානියට එරෙහිව දැවැන්ත සේවක උද්ඝෝෂනයක් අද (19) දින කොළඹ කොටුවේ දී පැවැත්වුණි. අන්තර් සමාගම් සේවක සංගමයේ නායකත්වයෙන් යුතුව පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය සපයන පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය සමාගම් වල සේවක සේවිකාවන් හාරදහසකට අධික සංඛ්‍යාවක් සමග සංගමයේ සභාපති වසන්ත සමරසිංහ, ප‍්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි ඇතුලූ සංගමයේ නායක නායිකාවන් සහභාගි වී සිටියහ.

වත්මන් ආණ්ඩුවේ ගජමිතුරෙකු වන අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටියදී තම බෑණාගේ සමාගමට වාසි ගෙන දෙන අයුරින් මෙම බැඳුම්කර වංචාව සිදුකර තිබේ.

අන්තර් සමාගම් සේවක සංගමය විසින් වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත අර්ථසාධක අරමුදලට සිදුව ඇති අලාභය හා අක‍්‍රමිකතාවය සම්බන්ධව ලිඛිත දැනුම් දීම් කිහිපයක් කළද කිසිදු ප‍්‍රතිචාරයක් ලබාදී නොමැත. ඒ සම්බන්ධව දැඩි විරෝධය පලකරමින් උද්ඝෝෂනයක නියැලූනු සේවක පිරිස, තම අරමුදල් කොල්ලකෑ වුන් රකින පිළිවෙතක් අනුගමනය කරමින් වත්මන් මහබැංකු අධිපතිවරයා හා මුදල් මණ්ඩලය මුනිවත රැකීම සම්බන්ධව විමසීමට විරෝධතා පෙළපාලියකින් මහ බැංකුව දක්වා ගමන් කිරීමට කටයුතු කළහ.

බැඳුම්කර වංචාව සිදුකළ  මහේන්ද්‍රන්, ඔහුගේ බෑණා වන ඇලෝසියස් හා බැඳුම්කර වංචාකරුවන් රකින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ අනුරූ මහජනතාවට ප‍්‍රදර්ශනය කරමින් ද, සටන් පාඨ පූවරු ලෙලවමින්, තම අර්ථසාධක අරමුදල පිල්ලි ගැසීම සිදුකළවුන්ට විරෝධය පලකරමින් හා කොල්ලකෑ අරමුදල නැවත ලබාගැනීමට කටයුතු කරන ලෙසට වගකිවයුත්තන්ට බලකරන සටන්පාඨ හඬනගා පවසම්න් ඉතා ජවසම්පන්න ආකාරයෙන් මෙම විරෝධතා පෙළපාලිය ගමන්ගත්තේ අන්තර් සමාගම් සේවක සංගමයේ නායකයින් පෙරටු කර ගනිමිනි.

මහ බැංකුව ආසන්න වූ විට පොලිස් බැරියර් දමමින්,  කැරලි මර්දන ඒකකය ඇතුලූව බැටන් පොලූ සහිත පොලිස් නිලධාරින් විරෝධතා පාගමනට බාධා කරමින් ඉදිරියට පැමිණියද ඔවුන් පෙරළාගෙන මහ බැංකුව පරිශ‍්‍රය වෙතට ගමන් කිරීමට පෙළපාලිකරුවෝ කටයුතු කළහ. මෙම අවස්ථාවේදී විරෝධතාකරුවන් ඇමතූ වසන්ත සමරසිංහ සහෝදරයා පැවසූයේ, ‘‘පොලිසිය දාලා අපේ ගමන වළක්වන්න බැහැ. මහ බැංකු අධිපතිට ලිව්වා අර්ථසාධක අරමුදල් කොල්ලකාපු එකට විරුද්ධව ක්‍රි‍යාමාර්ග ගන්න කියලා. නමුත් අපේ ලිපිවලට පිළිතුරක් වත් නැහැ. අන්තර් සමාගම් සේවක සංගමය ලෙස අපි, මේ රටේ වැඩකරන ජනතාවගේ මුදල් කොල්ලකන්න කාටවත් ඉඩ දෙන්නෙ නැහැ. ඒකයි අපි අද ආවේ. මේවාට විසඳුම් නොදුන්නොත් මේ රටේ වැඩකරන ජනතාව සමග ඇවිත් මහ බැංකුව වටලනවා. විසඳුමක් ලැබෙන තෙක් ඉදිරියටම මෙම විරෝධතා ක්‍රියාමාර්ග ගන්නවා’‘

එම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිලධාරින් දෙදෙනෙකු අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහ ප‍්‍රධාන ලේකම් ජානක අධිකාරි සහෝදරවරුන් වෙත පැවසුවේ මහ බැංකු අධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදී ඇති බවයි. විරෝධතාවය අතරතුරම ජනමාධ්‍ය කැටුව මහ බැංකු අධිපතිවරයා හමුවීමට ගිය වෘත්තීය සමිති නියෝජිතයින්  ඔහු සමග කළ සාකච්ඡුාවකින් පසු, අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා  පැවසුවේ මහ බැංකු අධිපතිවරයා මෙම ගැටළුවලට සතියක් ඇතුලත පිළිතුරු දෙන බව පැවසූ හෙයින්, ඒ පිළිබඳව විමසිලිමත් වෙමින් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග තේරීමට කටයුතු කරන බව දැනුම් දීමෙන් පසු පෙළපාලියට සහභාගි වූ සියලූ සේවක සහෝදර සහෝදරියන් සාමකාමීව විසිර ගියහ.

 

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top